ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නව පාර්ලිමෙන්තුවට තරග නොකරන බවත්, ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බවත් පවසනවා.


ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ  රූපවාහිනී  දේශපාලනමය සංවාදයකට එක්වෙමින්.


තමා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාවන බැවින් පක්ෂයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට සහය දෙන බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා.


එලෙස ආණ්ඩුවේ තනතුරු දැරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි ඔහු සඳහන් කළේ.