2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවන තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ අද (09) පැවැත්වෙනවා.

තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 7:30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

අද තරගයත් ශ්‍රී ලංකා පිල පරාජය වුවහොත් ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලබා ගැනීමේ ගමනය යම් බාධාවක් එල්ලවන් අබවටයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මෙම තරගය ජයගෙන ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දීම තම අරමුණ බවයි අද තරගය පිළිබඳ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවේ.