කොළඹ - කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පසුගිය 7 වැනිදා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුව ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 35 හැවිරිදිහිටපු ගුවන් හමුදා සාමාජිකයෙක්.
කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, අදාළ අපරාධය සිදු කිරීමට යොදාගත් තියුණු ආයුධය සහ එම අවස්ථාවේදී ඔහු පැළඳ සිටි ඇඳුම් පැළඳුම් ද පොලිසි භාරයට ගත් බවයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් තිබුණේ, කොළඹ 12 කෙසෙල් වත්ත සොන්ඩර් පෙදෙස පදිංචි 32 හැවිරිදි කාන්තාවක්.
ඝාතනය සිදු වූ දිනයේදී අදාළ කාන්තාව පිටකොටු මිහිඳු මාවත අසල රැඳි සිට ඇති බව සඳහන්.
ඉන් අනතුරුව මධ්‍යම රාත්‍රී 12.00ට පමණ සැකකරු සමඟ එම ස්ථානයේ පිහිටා තිබූ නවාතැන්පොළක් වෙත ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.
දෙදෙනා අතර නවාතැන්පොලේදී මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බහින් බස් වීමක් සිදුවී තිබෙනවා.
ඉන් අනතුරුව කාන්තාව ලිංගික ඇසුර ප්‍රතික්ෂේප කර නවාතැන් පොලින් පිටතට පැමිණ මගහැරීමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී එම පුද්ගලයා විසින් ඔහු ලබා දුන් මුදල් ඉල්ලමින් එම කාන්තාවක පසුපස පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඉන් අනතුරුව සැකකරු තමන් සතුව තිබූ තියුණු ආයුධයක් ගෙන අදාළ මරණකාරීයට පහරදී ඇති බව සඳහන්.
ඉන් අනතුරුව සිදු කරන ලද විමර්ශනවලදී පොලිසිය විසින් සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා.
මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරු අධිකරණය වෙත හඳුනාගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට විමර්ශන ක්‍රියාත්මකයි.