ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,500යේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
පසුගිය ජුලි 31වනදා සිට පෙරේදා පස්වරු 4:30 දක්වා කාලය තුළ ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3,610කි.
ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවෙන් 3,047ක් විසඳීමට මේ වනවිට කටයුතු කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.