දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට, උප දුම්රිය ස්ථානාධිපති සංගමයද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති ඒ. අයි. පී. සඳරුවන් මහතා සදහන් කර තිබෙනවා. ඔහු ඒ පිලිබදව මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර අවසන්. 

ඒ අනුව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී තිබෙන උප දුම්රිය ස්ථාන 172 හිම  උප දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එකතු වී ඇති අතර මේ නිසා මහ  ජනතාව තව දුරටත් අපහසුතාවයට ලක් වී තිබෙනවා.