පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව 2023 මාර්තු 9 පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියම කරනු ලැබුවා.