වේවැල්දෙණිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කුඩා බිළිදෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

එම අනතුර සිදුවන ආකාරය පිටුපසින් පැමිණි වාහනයක ඉදිරිපස කැමරාවේ සටහන්ව තිබුණා.

පොලීසිය ප්‍රකාශ කළේ, මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ත්‍රිරෝද රථයක් ගැටී අද (12) දහවල් එම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවක් හා මාස 04ක් වයසැති කුඩා බිළිදෙකු මියගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයේ ගමන් කළ තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවා.

ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව වී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.