ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 492 දෙනෙකු මියගොස් ඇති බවය.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 1,645 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ වසර 20කට ආසන්න කාලයක් පැවති මෙම ගැටුම්වල මාරාන්තික දිනය ඊයේ (23) දිනය බවය.
හිස්බුල්ලා හමුදාවට අනුව උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 200කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.
මේ අතර මියගිය පුද්ගලයින් අතර ළමුන් 35 දෙනෙකු සහ කාන්තාවන් 58 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.