මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව වියදම් සීමා කිරීමට සිදුවීම හේතුවෙන් සිය ප්‍රචාරක රැස්වීම් ගණන  අඩු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංවිධායක මණ්ඩලයට දැනුම්දී ඇතැයි අනාවරණය වනවා.


ජනාධිපතිවරයා දිවයින පුරා ප්‍රචාරක රැස්වීම් 90 කට සහභගිවීමට නියමිතව සිටි අතර, එම රැස්වීම් ප්‍රමාණය අඩුකර තිබෙනවා.


එමෙන්ම මේ වනවිට “පුළුවන් ශ්‍රී ලංකා“ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබෙන බැවින් නිවසින් නිවසට ගොස් ප්‍රචාරක කටයුතු සිදු කරන ලෙසද ජනාධිපතිවරයා ආසන සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබුණා.


ගම් මට්ටමින් කුඩා කණ්ඩායම් රැස්වීම් පවත්වන ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.


විශාල රැස්වීම් පැවැත්වීමේදී බස් ආදිය කුලියට ගෙන පාක්ෂිකයන් කැඳවීම මැතිවරණ කොමිෂන් සභාව නියාමනය කිරීමත්, ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම යන කාරණා මත රැස්වීම් සංඛ්‍යාව අඩුකර තිබෙනවා.