නොර්වුඩ් ප්‍රදේශයෙන් අතුරුදහන්වී සිටි අවු 15 හැවිරිදි පාසල් සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටිය දී පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසනවා.


නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ පදිංචි මෙම සිසුන් සිව්දෙනා එම වතුයායේම වතු පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන බවත්, ඉකුත් (04) දින සිට එම සිසුන් සිව්දෙනා අතුරුදන් වි ඇති බවට අතුරුදන් වු පාසල් සිසුවෙකුගේ පියෙකු විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.


එකම වතුයායේ පදිංචි අතුරුදහන්ව සිටි පාසල් සිසුන් සිව්දෙනා එකම පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් සිව්දෙනෙකු බවත්, එම සිසුන් රැකියාවක් සොයා ගැනීමේ අරමුණින් රාගම ප්‍රදේශයේ ඥාතියෙකු හමුවීමට දුම්රියෙන් ගොස් ඇති බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියා.


එම සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත රාගම පොලීසිය වෙත කළ දැනුම් දීමක් මත අතුරුදන්ව සිටි සිසුන් සිව්දෙනා රාගම පොලිසිය භාරයට ගෙන දෙමව්පියන් පොලිසිය වෙත කැදවා භාර දී තිබෙනවා.